Thursday, September 10, 2026
Homeදේශීයජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන හොයන්න කමිටුවක්

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන හොයන්න කමිටුවක්

ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමට ද මෙහිදි යෝජනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

රැලියක් අතරතුර අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

READ:   4000 කට වඩා තුවාල ලබා මියගිය ගණන තවම නිශ්චිතව හඳුනාගෙන නොමැති ලෙබනනයේ බීරුට් නගරයයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්