දේශීය

ගත වූ පැය 24 තුළ 768ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 727 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 41 ක් සමගින් මුළු සැකකරුවන් 768 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 727දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 09 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 28 ක් වත්කම් විමර්ශන ආරම්භ කල සැකකරුවන් 01 ක් හා පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 06 ක් ද වෙනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 41දෙනා අතර, විෂ මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තුකරුවන් 02 ක් ද, විෂ මත් ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 39 ක් සිටින බව සඳහන්.

මේ අතර පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී ලේඛනගත පාතාල අපරාධකරුවන් 516 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 289 g 697 mg
අයිස් 461 g 083 mg
ගංජා 02 kg 39 g
ඇෂ් 278 g
මාවා 591 g 36 mg
තුල් 30 g 86 mg
මදන මෝදක 03 kg 571 g

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

20 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

20 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago