Friday, April 17, 2026
Homeදේශීයසැකකරුවන් 667ක් අත්අඩංගුවට.

සැකකරුවන් 667ක් අත්අඩංගුවට.

යුක්තිය මෙහෙයුමට අදාළව දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 ක් සමගින් මුළු සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 03 ක් පුනරුත්තාපනය සදහා යොමු කළ බව පොලිසිය පවසනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 108 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 09 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 97 ක්ද වනවා.

අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 02 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

වැටලීම්වලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්.

හෙරොයින් 191g
අයිස් 103g
ගංජා 02kg 300g
ගංජා පැල 6,959
මාවා 874g
මදන මෝදක 126g

READ:   අරගලකරුවන්ට පහරදීම විමර්ශනයට මානව හිමිකම් ගාලුමුවදොරට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්