මෙරට සැම දරුවෙකුම සුවිශේෂි වන අතර, සමාන වටිනාකමකින් යුක්ත දරුවාට ආවේනික වේගයකින් සංවර්ධනය වන හැකියාවන්ගෙන් හා දක්ෂතාවයන්ගෙන් යුක්ත දරුවකු බීහි කිරිම උදේසා උතුරු මැද පළාත් මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය පෙර පාසල් සමඟ එක්ව ළමා සංවර්ධනයට බලපාන පවුල, ප්‍රජාව හා සංස්කෘතිය යන සාධක හා බැඳුනු සන්දර්භයක් තුල පෙර පාසල් දරුවන්ගේ සංවර්ධනය උදෙසා සමෝධානිත ඉගෙනුමක් ලබා දෙනු ලැබේ.
දරුවන්ගේ සංවර්ධනය උදෙසා දරුවන්ට සැලසෙන රැකවරණය ප්‍රමුඛ කොට සලකන අතර, දෙමාපියන්, පෙර පාසල් ගුරුවරුන් හා ප්‍රජාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුව පවති.
පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා කායික සංවර්ධනය, සමාජිය හා චිත්තවේග සංවර්ධනය, ප්‍රජානන හැකියා සංවර්ධනය හා භාෂාව හා මුල් කාලීන සාක්ෂරතාවය ප්‍රමුඛ කොට ගත් ඉගෙනුම් වලට අදාල නිපුනතාවයන් හෙබි පුංචි දරුවන් තම දැනුම, ආකල්ප, කුසලතා, දියුණු කර ගනිමින් අනාගතය කරා පියනඟනු දැකිම මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය පෙර පාසල් තුලින් ලබාපොරොත් වෙන ප්‍රධාන කාරණාව නමුත් ඉහත කාරණා සැපිරිමට අදාල පහකම් වලින් සමන්විත පෙරපාසල් මෙන්ම මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය යටතේ ලියා පදිංචිව පවත්වගෙන යනු ලබන පුර්ව ළමා විය මධ්‍යස්ථානවල අවම පහසුකමක් වත් නොමැති ස්ථාන උතුරුමැද පලාත තුලින් හමුවීම සාමන්‍ය දෙයකි.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පේමඩුව ඇද්දත්කල්ල ගම්මානයේ අති දුස්කරතා රැසක් සමග වන අලින්ගෙන් නිරන්තරයෙන් පිඩාවට පත්වෙමින් කුලී රැකියාව හා ගොවිතැන මුලික කරගෙන දෛනික ජීවිතය ගෙවන ජනතාවක ගේ සිඟිති දුවා දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පුර්ව ළමාවිය සංවර්ධන මද්‍යස්ථානයක් වන බුබුදු පෙර පාසලේ දුවාදරුවන් 40 ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර මෙම ප්‍රදේශයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ එදිනේදාට කුලියක් මලියක් කරගෙන ජිවත්වන ජනතාවගේ දරුවන්ට මහත් සම්පතක්ව පවතින පෙරපාසල් ගොඩනැගිල්ල තවමත් පවතින්නේ ගොඩ නැගෙමින් පවතින පසුබිමක් තුලයි.
මෙහි පුර්ව ළමාවිය සංවර්ධන වෙමින් පවතින දුවා දරුවන්ට සෙල්ලම් මිදුලක් අත්‍යාවශ්‍ය කාරනාවක් වුවද සෙල්ලම් මිදුලක් නොමැති වීම කනගාටුදායක තත්වයක්.
එමෙන්ම අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන ගොඩ නැගිල්ල භාගෙට ගොඩනගා තිබීම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන දුවා දරුවන් ට තුවාල සිදුවීමේ අවධානම් තත්වයක් ඇත.
තවද කුඩා දරුවන් වෙනුවෙන් පෙරපාසල් භුමිය වටා ආරක්ෂිත වැටක් නොමැති බව එහි ගිය අපට දැක ගන්නට ලැබිණි.
ඇද්දත්කල්ල ගම්මානය සම්පතක් බදු වු පුබුදු පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාව වන ඩිලානී මහත්මිය ඉල්ලා සිටින්නේ..
බොහො දුප්පත් කම් සහිත දෙමාපියන් ගේ දුවා දරුවන් අධ්‍යාපනය ලබන පෙරපාසලක් වන මෙහි සංවර්ධන කටයුතුවලට දෙමාපියන්ගෙන් මුදල් යෙදවීමට තරම් ආර්ථික සවියක් ලබා ගත නොහැකි තත්වයක් මතුව පවතින පසුබිමක දුවා දරුවන්ට පහසුම් අවම වීමෙන් දරුවන්ට විශාල අසාදරණයක් සිදුවන බවත් එක් වසරක් පමනක් පුර්ව ළමාවිය සංවර්ධනය වන දරුවන් මෙම අවධියේදී ලබන අධ්‍යාපනය ඔවුන්ගේ ජීවිත කාලයටම බලපාන ඇති බවත්, මේ වයස තුළ පූර්ව ළමා සංවර්ධනය වීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම මෙම දරුවන්ගේ ඉදිරි අනාගතයට අනාගතයට ද බලපාන බැවින්, යම් හෝ පිරිසක් හෝ පුද්ගලයෙක් මැදිහත් වී කපරාදු කොට ආරක්ෂිත වැටක් යොදා, සංවර්ධනය කර දෙන ලෙසයි.
: ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය 071 15 16 113 – 0779853100


