file
කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහතික විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන වල සේවාවන් ගමට රැගෙන යාමේ අරමුණින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අතරතුරදී අමාත්‍යවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් විය.
සබරගමු පළාතේ වැඩිම ජනතාවක් විදේශ රැකියාවල නිරතවී සිටින දිස්ත්‍රික්කය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නොමැති වීම දැඩි අඩුපාඩුවක් බව සඳහන් කරමින් කෑගල්ල දිස්ත්‍රික් විගමිනක කමිටුව විසින් මෙලෙස අමාත්‍යවරයා වෙත සිය ඉල්ලීම ඇතුලත් ලිපියක් භාරදෙනු ලැබීය.
ඉකුත් දෙසැම්බර් මාසයේදී දරුවන්ගේ ඉල්ලීමකට අවධානය යොමුකරමින් මෙම වසරේ මුල් දින හත තුල නුවර එළිය දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගැනීමටද මෙහිදි කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සිය ප්‍රසාදය පළකර තිබු අතර එලෙසම තමන්ගේ ඉල්ලීමට කඩිනමින් පිළිතුරක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් කඩිනමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වු අමාත්‍යවරයා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදුන්නේය.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…