දේශීය

BREAKING: ලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්.

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝක ප්‍රකට “මොනාලිසා” සිතුවම වෙතට විරෝධතාකරුවන් පිරිසක් විසින් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදුරුවලින් ආරක්ෂා කර ඇති මොනාලිසා සිතුවමට තැඹිලි පැහැති සුප් ඉසිමින් ඔවුන් “සෞඛ්‍ය සම්පන්න තිරසාර ආහාර සඳහා වන අයිතිය” ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් වෙඩි නොවදින ආකාරයට ආවරණය කර ඇති එම සිතුවමට මෙම ප්‍රහාරයෙන් හානියක් සිදුව නැහැ.

විරෝධතාව දක්වමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් තැබිලි පැහැති සුප් සිතුවමට විසිකර තිබුණා.

සිතුවම දෙසට සුප් විසි කළ විරෝධය දැක්වූ කාන්තාවන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ මෙවන් අදහසක්..

“වඩා වැදගත් වන්නේ – කලාව හෝ සෞඛ්‍ය සම්පන්න තිරසාර ආහාර සඳහා ඇති අයිතිය? අපේ කෘෂිකාර්මික පද්ධතිය අසනීපයි. අපේ ගොවීන් රැකියාවේදී මිය යනවා.”

16 වන සියවසේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කළ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන “මොනාලිසා” සිතුවම පරිසර ක්‍රියාකාරීන් තම ඉලක්කය කර ගත් පළමු අවස්ථාව මෙය නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වන විට “මොනාලිසා” සිතුවම තැන්පත් කර ඇති කාමරය විවෘත කර ඇති අතර කෞතුකාගාරයේ තිබූ සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

එම දර්ශන: https://fb.watch/pS7MbSy-rw/

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

1 day ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

3 days ago