දේශීය

තවත් සැකකරුවන් 963ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 638 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 ක් සමග මුළු සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, පුනරුත්තාපනය සදහා යොමු කර ඇති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් ගණන 8ක්.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 325 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 66 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 228 ක් ද වෙනවා.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 20 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 11 ක්ද අත්අඩංගුවට පත්වූ බව පොලිසිය පවසනවා.

වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන අති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 300 g
අයිස් 172 g
ගංජා 530 g
ගංජා පැල 99,209 ක්
මාවා 336g
මදන මෝදක 314g
මත්පෙති 24,083ක්

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

1 day ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

1 day ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

1 day ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago