Thursday, July 23, 2026
Homeක්‍රීඩාඉන්දීය කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට

ඉන්දීය කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හොං කොං කණ්ඩායම සමඟ පැවති සිව්වැනි තරඟය ජය ගනිමින් සුපිරි 4 වටය ද සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ හොං කොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී රෝහිට් ෂර්මා ලකුණු 21 ක්, විරාත් කෝලි ලකුණු 59 ක්, සූර්යකුමාර් නොදැවී ලකුණු 68 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

Babar Hayat ලකුණු 41 ක් ද, Kinchit Shah ලකුණු 30 ක් ද රැස් කළ අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, රවීන්ද්‍ර ජඩේජා හා අවේශ් ඛාන් කඩුල්ල බැගින් ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම හොං කොං කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමත් සමඟ ආසියානු කුසලානයේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

තරඟයේ වීරයා බවට පත්වූයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර්.

READ:   BREAKING NEWS: විදුලිය මිලදී ගැනීමට අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්