දේශීය

හොදින් හෝ නරකින් ආර්ථිකය – රට සහ ජනතාව ගොඩ ගන්නවා. ඒ සදහා බය නැතිව තීරණ ගන්නවා – මනූෂ නව වසරේ වැඩ අල්ලමින් කියයි.

හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් අද (01) දින අමාත්‍යංශ පරිශයේ පැවති ප්‍රතිඥා දිමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

file

එහිදී මෙම වසර තුලදී අමාත්‍යංශයේ කටයුතු පෙර වසර මෙන්ම ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය.

ඉකුත් වසර තුලදී අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිය රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට පියවර ගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ථමානයේ මෙරට සාර්ථකම අමාත්‍යාංශය බවට පත්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට හැකියාව ලැබුණු බවද හෙතෙම පැවසීය.

පසුගිය කාලයේදි මෙරට තුල ඉතා විශාල ප්‍රගමණයක් සිදුවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයද ඉතා සාර්ථක වර්ෂයක් බවට පත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය.

මෙරට තුල පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය වෙනස් කරමින් සාධනීය තත්ත්වයකට අමාත්‍යංශ්‍ය සහ රට පත් කරගැනීමට සියලුම රාජ්‍ය නිලධාරීන් උපරිමයෙන් කැපවී කටයුතු කර තිබෙන බවත්, එහි ප්‍රතිඵල අදවන විට භුක්ති විඳිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේදි කතා කළ සහ කතා කිරීමට තිබුණු මාතෘකාවන් අදවන විට කතා කිරීමට අවශ්‍ය නොවන මාතෘකාවන් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා මීට වසර දෙකක පෙර කතා කළ මාතෘකා අදවන විට හුදෙක් මතකයක් පමණක් වී තිබෙන බවද සිහිපත් කළේය.

ගත වූ කාලයේදී ආර්ථිකව කඩාගෙන වැටුණු රටවල් තවමත් දැඩි අර්බුදයක සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවට සාර්ථකව නැගී සිටීමට හැකියාව ලැබුනු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගත් ඇතැම් රටවල් තවමත් සිය ආර්ථිකයන් යථා තත්ත්වයට පත් කරගැනීමට නොහැකිව සිටියද මෙරටට ඉන් මිදීමට හැකියාව ලැබී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුල අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී තිබුණද අදවන විට එම තත්ත්වය ඉතා සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැකියාව ලැබි ඇති බවත් මේවන විට උද්ධමනය තනි ඉල්ලක්කම අගයක් දක්වා පහතට ගෙන ඒමටද හැකියාව ලැබී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉකුත් කාලයේදී මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ අගයක පැවතුනද මෙම වසරේ මුල් කාර්තුව තුලදිම ඉතා වේගතවත් ධනාත්මක ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටද අමාත්‍යවරයා සිය විශ්වාස පළ කළේය.

එමෙන්ම මෙම වර්ධනය අත්කර ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම මේවන විට සකස්කර අවසන් බවත් ඉතිරිව ඇත්තේ ඊට අනුගතව ගමන් කිරීම පමණයක් බවද හෙතෙම පැවසීය.

දේශපාලඥයින් වශයෙන් තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන සියලුදෙනා පක්ෂ පාට පැත්තකට දමා දේශපාලනික වශයෙන් ඉතාම නීරස තීන්දු ගැනීමට පසුබට නොවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

උපයන විට බද්දේ සිට රාජ්‍ය සේවකයින්ට සහ සියලුම ජනතාවට ඉතා සංවේදී කරුණු සම්බන්ධයෙන්ද දැඩි තීන්දු ගැනීමට පියවර ගත් බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම
තීරණ ගැනීමට සිදුවූයේ මෙරට පවතින විෂම චක්‍රය අවසන් කිරීමේ අරමුණ ඇතිව බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙතෙක් පැවති සහනාධාර ක්‍රමය අවසන් කිරීමට හැකියාව ලැබුණු බවත් එමගින් ජනතාව රැවැටීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට හැකියාව ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

වර්ථමාන ආණ්ඩුව ගත් තීන්දු තීරණ දේශපාලනික සියදිවි නසා ගැනීමකට සමාන වුතත් එම තීරණ මගින් අදවන විට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් බෙහොදෙනා බලාපොරෙත්තු වූ මෙරට තවත් සිරියාවක්, ලෙබනනයක් බවට පත්වීම නවතා දැමීමට හැකිවූ බවද එමගින් ඇතැමුන් අපෙක්ෂා කළ ඇමරිකානු ඩොලරය රුපියන් 700ක් දක්වා ඉහළ යෑමට ඉඩ තිබූ තත්ත්වයද වෙනස් කරමින් රට නව සංවර්ධනය කරා ගමන් කරවීමට හැකියාව ලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව හොදින් හෝ නරකින් මෙරට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන බවත් එහිදී ආර්ථික ශක්තිමත්ව වර්ධනය කරමින්, ජනතාවට වඩා යහපත් හෙටක් බිහි කිරීමට කටයුතු කරන බවත් ඊට නොබියව තීන්දු ගැනීමට තමන් කිසිම අවස්ථාවක පසුබට නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

නොබියව රට ගොඩ නැගීමට තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී ඇති බවත් එම මඟ පෙන්වීම යටතේ මෙම වසරේදී පෙරටවත් වඩා කැපවීමකින් සියලුදෙනාගේ යහපත උදෙසා කටයුතු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

3 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

3 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

3 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

4 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

5 hours ago