Tuesday, September 8, 2026
Homeදේශීයඅසිරිමත් නත්තල අදයි.

අසිරිමත් නත්තල අදයි.

ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) දිනයට යෙදී තිබෙනවා.

බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබූ උන්වහන්සේ ගේ උපත සැමරීම ඊයේ (24) මැදියම් රාත්‍රියෙන් උදා වුණා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සැමරීම වෙනුවෙන් යෙදෙන නත්තලේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මහත් හරසරින් සමරණු ලැබුවා.

ඒ ලොවපුරා මෙන්ම මෙරට ද දෙව් මැදුරුවල විශේෂ දේව මේහෙයන් පවත්වමින්.

මේ අතර මෙවර නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුණා.

ආත්මාර්ථයෙන් බැහැරව ආධ්‍යත්මික මංගල්‍යයක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවයි මෙවර නත්තල් පණිවුඩයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේ.

READ:   ආරාධිත T 20 ලීග් ශූරතාවය SLC Reds කණ්ඩායම හිමිකරගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්