මන්ද්‍යව්‍ය සහ අපරාධ රැල්ල මැඩපැවැත්වීමට හෙට සිට අරඹන විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අදහස් දක්වා සිටිනවා.
අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“කරුණාකරලා මේ දේ නවත්වන්ඩ, ඒ මොකෝ අද ඉඳලා කුඩු විකුණන එක් කෙනෙක් හරි අහුවුණොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්ඩ එපා!!.”
“පාතලයේ අයට මට දෙන්ඩ තියෙනවා පණිවිඩයක් පාතාලේ අය හොඳටම දන්නවා ඔය ලොකු චණ්ඩි අන්තිමට මැරෙන්නේ කොහොමද එක්කෝ පොලීසියේ මැරුම් කරනවා. එක්කෝ විරුද්ධවාදීන්ගෙන් මැරුම්කරනවා. ඊට පස්සේ අපි දකිනවා ඔය මැරුම්කාපු අයගේ පවුලටයි ළමයිටයි වෙලා තියෙන දේ. යන එන මං නෑ ඊට පස්සේ.”
“පාතාලේ නායකයින් දන්න කවුරුහරි ඉන්නවනම් ඒ අයට කියන්න මේක තේරුම්කරලා දෙන්න තමුසෙලා ට අන්තිමට මෙච්චරයි වෙන්නේ කියලා..”
“මම දෙන පණිවුඩය තමයි ඒක නැවැත්තුවේ නැත්තම් අපි ඒගොල්ලන්ව හොයාගෙන එනවා. ගියාම වෙඩි හුවමාරු වෙනවා. ඒගොල්ලෝ මැරෙනවා. එහෙම නිකන් මැරුම්කනවට වැඩිය හොඳ නැද්ද ඒගොල්ලන්ගේ ළමයි පවුලේ අය එක්ක ඉන්න එක..”


