Wednesday, September 16, 2026
Homeදේශීයවාහන දුන්නා පහසුකම් දුන්නා පාතාලේ උන් තර්ජනය කරන තත්වෙට වැටිලා ලැජ්ජ නැද්ද...

වාහන දුන්නා පහසුකම් දුන්නා පාතාලේ උන් තර්ජනය කරන තත්වෙට වැටිලා ලැජ්ජ නැද්ද රෙද්දක් ඇදන්ද ඉන්නේ – පොලිස් ඇමති පොලිස් ලොක්කන්ට ලුණු ඇඹුල් ඇතුව අමතයි

පොලිස් මාර්ග බාධක වල රාජකාරී සම්බන්ධයෙන් තමන් කිසිසේත් සැහීමකට පත් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

පොලිසියේ දුර්වලතාවයෙන් පාතාලය හිස ඒසවීම ගැන පොලිසිය ලැජ්ජා විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සමග අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“අද ඉඳලා කුඩු ද පාතාලේ ද කසිප්පුද හැමදේකටම ඒ පොලිස් ඒරියා එකේ ඕ.අයි.සී වගකියන්න ඕනී.”නැත්තම් මං ඒ ඕ.අයි.සී අයින් කරනවා.”

“බුද්ධි අංශය පාවිච්චි කරලා මං හැමදෙයක්ම හොයනවා. හැම පොලිස් ඒරියා එකේම. ඒ රිපෝර්ට්ස් උඩ තමයි මීට පස්සේ ඕ.අයි.සී කෙනෙක් තියනවද නැද්ද කියලා තීරණය වෙන්නේ.”

“ඕගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නකොට පාතාලේ එකෙකුට කෝල් කරලා තර්ජනය කරන්න පුළුවන් තත්ත්වයකට දැන් වැටිලා තියෙන්නේ.”

“සමහර ඕ.අයි.සි ලා මන් දන්නවා පාතාලේ අයගේ උදවිය එක්ක සම්බන්ධතා තියෙනවා. කෝල් කරනවා. කරුණාකරලා නවත්තගන්න.”

“අද කතාකෙරුවට පස්සේ කිසිම අනුකම්පාවක් නෑ.”

file
READ:   සනත් නිශාන්ත පුත්තලමෙන් ඒකට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්