දේශීය

අයවැය තීරණාත්මක ඡන්ද විමසීම අද

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 13 වනදා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවලියට අදාළ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.

අයවැය යෝජනාවලියට අදාළ දෙවන වර විවාදය දින 7ක් පුරා පැවති අතර නොවැම්බර් 21 පැවති එහි ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 45කින් යෝජනාවලිය සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණයි.

ඊට පසු දින සිට ආරම්භ කෙරුණු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ 19 වන දිනය අදයි.

ඒ අනුව අද දිනයට නියමිත මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව 2024 අයවැය යෝජනාවලියේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

9 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

9 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago