මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 13 වනදා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවලියට අදාළ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.
අයවැය යෝජනාවලියට අදාළ දෙවන වර විවාදය දින 7ක් පුරා පැවති අතර නොවැම්බර් 21 පැවති එහි ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 45කින් යෝජනාවලිය සම්මත වුණා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණයි.
ඊට පසු දින සිට ආරම්භ කෙරුණු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ 19 වන දිනය අදයි.
ඒ අනුව අද දිනයට නියමිත මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව 2024 අයවැය යෝජනාවලියේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.


