Sunday, October 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන මෙන්න

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙහිදී දෙරට අතර විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ජනාවරි 6 වනදා ආරම්භ වෙනවා.

එහි දෙවන හා තෙවන තරග ජනවාරි 8 සහ 11 දිනවලදී පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරග ලෙස තරග තුනම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

ජනවාරි 14, 16 සහ 18 එම ක්‍රීඩාංගණයේ දී ම විස්සයි විස්ස තරග පැවැත්වීමට නියමිතයි.

READ:   BREAKING: තරුෂි කරුණාරත්න මීටර් 800 රන් පදක්කම දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්