Tuesday, April 21, 2026
Homeදේශීයයටත් විජිත සමයේ ඝාතනය වූ හෙන්රි ප්‍රේද්‍රිස් ට යුක්තිය ඉටු කිරීමට ත්‍රිපුද්ගල...

යටත් විජිත සමයේ ඝාතනය වූ හෙන්රි ප්‍රේද්‍රිස් ට යුක්තිය ඉටු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර 108 කට පෙර සිදුකළ බව කියන හෙන්රි ප්‍රේද්‍රිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම ත්‍රි පුද්ගල කමිටුව පත් කර ඇති බව කැබිනට් නිවේදනයේ සඳහන්.

රජයට එරෙහිව කැරලි කෝලාහල කළේ යැයි යටත් විජිත පාලන අධිකාරිය විසින් රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කර එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් මහතා මරණ දඬුවමට ලක් කර තිබෙනවා.

මියගිය ඔහුගේ දේහය යුද නීතිය යටතේ හෙළි නොකළ පරිශ්‍රයක අදාහනය කර ඇති අතර ඔහුගේ ඝාතනය එවකට මෙරට පාලනය කළ නිලධාරීන් සිදු කළ සැලස්මක ප්‍රතිඵලයක් බව පසුව හෙළිව තිබෙනවා.

ඒ අනුව ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කර ප්‍රේද්‍රීස් මහතාට යුක්තිය ඉටු කිරීම සඳහා මෙම කමිටුව පත් කළ බව කැබිනට් නිවේදනයේ සඳහන් වෙනවා.

file
file
READ:   පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ ඉතිරි වෙළුම් 22 නීතිපතිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්