Wednesday, March 26, 2025
Homeදේශීයනාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ගිවිසුමට අත්සන්...

නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබයි

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනාදරයට පත් ‘Vlog’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව රජයේ තොරතුරු අංශය සඳහන් කරනවා.

ඔහු ඊයේ (20) සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය සමඟ එක්ව ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන්.

මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියා.

ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවකු වන Nas Daily ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයකි.

This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් ඔහු විසින් මින් පෙර නිර්මාණය කර තිබෙනවා.

file
READ:   ඉන්දියාව යද්දී රුසියාවත් සඳ බලා යයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්