Saturday, April 18, 2026
Homeදේශීයමහවැලි අධිකාරිය රුපියල් මිලියන 109,298 ක ලාභයක් ලබයි

මහවැලි අධිකාරිය රුපියල් මිලියන 109,298 ක ලාභයක් ලබයි

2022 වසරේ රුපියල් මිලියන 109,298 ක ශුද්ධ ලාභයක් උපයාගත් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ඉදිරිපත් කළ එම ලාභාංශ වාර්තාව පහතින්,

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මෙම වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 109,298 කි.

කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් මගින් ඉපයූ ලාභය රුපියල් මිලියන 99,929 කි.

ධීවර හා පශු සම්පත් සංවර්ධනය මගින් රුපියල් මිලියන 9,064 ක් ද වාරි සෞභාග්‍යය වැඩසටහන යටතේ රුපියල් මිලියන 305 ලාභයක් ද උපයා ඇත.

2021 වසරේ ලැබූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 92,485 කි. එය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් යටතේ රුපියල් මිලියන 85,268 ක් ද ධීවර හා පශු සම්පත් සංවර්ධනය මගින් රුපියල් මිලියන 6,256 ක් ද වාරි සෞභාග්‍යය වැඩසටහන් මගින් රුපියල් මිලියන 955 ක් ද ලාභයක් උපයා ඇත.

මේ සඳහා 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන පන්සිය හැත්තෑ තුනකි.

2021 වසරේ දී ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 1,077 කි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කලාප 10 ක විවිධ වැඩසටහන්, ව්‍යාපෘති මගින් එහි ජනතාවට මෙම ප්‍රතිලාභ හිමිව තිබේ.

READ:   බිරිඳගේ අත් බෑගය පසුපස ලුහුබැන්ද මාරයා ගම්පහදී සැමියා බිලි ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්