ක්‍රීඩා

අන්ත පරාජයක් ලබමින් ශ්‍රී ලංකාව ලෝක කූසලානයට තිත තබයි: ශූරයන්ගේ කුසලානයත් අහිමිවෙයි?

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයත් අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට අද ශ්‍රී ලංකාවට සිදුවුණා.

ඒ නවසීලන්තය හමුවේ කඩුලු 05කින් පරාජයට පත්වෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 171ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 51(28)ක් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38ක් වශයෙන් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් Davon Conway ලකුණු 45(42) ක්, D. Mitchell ලකුණු 43(31)ක් ලබා ගත්තා.

ජයග්‍රාහණය සඳහා 172ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තය පන්දුවාර 23යි පන්දු 2කදී එනම් ඉනිමේ පන්දුවාර 25ක් හෝ අවසාන වීමට පෙර එම ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2ක් බිඳ දැමුවා.

කෙසේ වෙතත් එළඹෙන ශූරයන්ගේ කුසලානයට සහභාගී වීමට නම් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 8 අතරට පැමිණ යුතුව තිබුණා.

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට තවත් අවස්ථාව නැතත් එම කණ්ඩායම් 8ට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරග දෙක ජයග්‍රාහණය කළ යුතුව තිබුණා.

කෙසේ වෙතත් ඒ අනුව බංග්ලාදේශයට සහ නවසීලන්තයට එරෙහිව පැවති එම තරග දෙකත් ශ්‍රී ලංකාව දරුණු ලෙස පරාජයට පත්වුණා.

නවසීලන්තය හා තරගයට එළබීමට පෙර ශ්‍රී ලංකාව පසුවුණේ ලකුණු සටහනේ 9 වන ස්ථානයේ යි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ශුරයන්ගේ කුසලානයට පිවිසීමේ අවස්ථාව ද අහිමිවීමට වැඩි ඉඩක් පවතී යැයි සිතිය හැක.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

14 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

14 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

15 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago