ක්‍රීඩා

අන්ත පරාජයක් ලබමින් ශ්‍රී ලංකාව ලෝක කූසලානයට තිත තබයි: ශූරයන්ගේ කුසලානයත් අහිමිවෙයි?

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයත් අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට අද ශ්‍රී ලංකාවට සිදුවුණා.

ඒ නවසීලන්තය හමුවේ කඩුලු 05කින් පරාජයට පත්වෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 171ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 51(28)ක් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38ක් වශයෙන් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් Davon Conway ලකුණු 45(42) ක්, D. Mitchell ලකුණු 43(31)ක් ලබා ගත්තා.

ජයග්‍රාහණය සඳහා 172ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තය පන්දුවාර 23යි පන්දු 2කදී එනම් ඉනිමේ පන්දුවාර 25ක් හෝ අවසාන වීමට පෙර එම ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2ක් බිඳ දැමුවා.

කෙසේ වෙතත් එළඹෙන ශූරයන්ගේ කුසලානයට සහභාගී වීමට නම් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 8 අතරට පැමිණ යුතුව තිබුණා.

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට තවත් අවස්ථාව නැතත් එම කණ්ඩායම් 8ට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරග දෙක ජයග්‍රාහණය කළ යුතුව තිබුණා.

කෙසේ වෙතත් ඒ අනුව බංග්ලාදේශයට සහ නවසීලන්තයට එරෙහිව පැවති එම තරග දෙකත් ශ්‍රී ලංකාව දරුණු ලෙස පරාජයට පත්වුණා.

නවසීලන්තය හා තරගයට එළබීමට පෙර ශ්‍රී ලංකාව පසුවුණේ ලකුණු සටහනේ 9 වන ස්ථානයේ යි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ශුරයන්ගේ කුසලානයට පිවිසීමේ අවස්ථාව ද අහිමිවීමට වැඩි ඉඩක් පවතී යැයි සිතිය හැක.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago