එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයත් අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට අද ශ්‍රී ලංකාවට සිදුවුණා.
ඒ නවසීලන්තය හමුවේ කඩුලු 05කින් පරාජයට පත්වෙමින්.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 171ක් පමණයි.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 51(28)ක් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38ක් වශයෙන් රැස් කළා.
නවසීලන්තය වෙනුවෙන් Davon Conway ලකුණු 45(42) ක්, D. Mitchell ලකුණු 43(31)ක් ලබා ගත්තා.
ජයග්‍රාහණය සඳහා 172ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තය පන්දුවාර 23යි පන්දු 2කදී එනම් ඉනිමේ පන්දුවාර 25ක් හෝ අවසාන වීමට පෙර එම ඉලක්කය පසුකර ගියා.
ඒ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී.
පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2ක් බිඳ දැමුවා.
කෙසේ වෙතත් එළඹෙන ශූරයන්ගේ කුසලානයට සහභාගී වීමට නම් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 8 අතරට පැමිණ යුතුව තිබුණා.
ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට තවත් අවස්ථාව නැතත් එම කණ්ඩායම් 8ට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරග දෙක ජයග්‍රාහණය කළ යුතුව තිබුණා.
කෙසේ වෙතත් ඒ අනුව බංග්ලාදේශයට සහ නවසීලන්තයට එරෙහිව පැවති එම තරග දෙකත් ශ්‍රී ලංකාව දරුණු ලෙස පරාජයට පත්වුණා.
නවසීලන්තය හා තරගයට එළබීමට පෙර ශ්‍රී ලංකාව පසුවුණේ ලකුණු සටහනේ 9 වන ස්ථානයේ යි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ශුරයන්ගේ කුසලානයට පිවිසීමේ අවස්ථාව ද අහිමිවීමට වැඩි ඉඩක් පවතී යැයි සිතිය හැක.


