Thursday, June 4, 2026
Homeදේශීයත්‍රිපිටක ධර්මය විකෘති කර මින් ඉදිරියට දේශනා නොපවත්වන බවට සිරි සමන්තභද්‍ර හිමි මල්වතු...

ත්‍රිපිටක ධර්මය විකෘති කර මින් ඉදිරියට දේශනා නොපවත්වන බවට සිරි සමන්තභද්‍ර හිමි මල්වතු මහ නාහිමියන්ගෙන් සමාව ගනියි

සරි සමන්ද්‍ර හිමියන් දෙවන වරටත් මහනායක හිමිවරුන් ඉදිරියේ සමාව අයැද තිබෙනවා.

ඒ මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කරමින් අනර්ථ දේශනා නොපවත්වන බවට පොරොන්දු වෙමින්.

මල්වතු පාර්ශ්වයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමි වහන්සේ ප්‍රමඛ සානුනායක කාරක සභික නාහිමිවරුන් ඉදිරියේ උන්වහන්සේ මෙලෙස පොරොන්දු වී තිබෙනවා.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිළිබඳ මතභේදයට තුඩු දුන් කරුණු ‘පැරණි අහසේ අලුත් සඳක්’ නැමති කෘතියේ ඇතුළත්ව තිබූ කරුණු විස්තර කිරීමට යෑමේදී තමන් කළ ප්‍රකාශයක් බවත් එය චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් කළ ප්‍රකාශයක් නොවන බවයි සිරි සමන්ත භද්‍ර හිමියන් නාහිමිවරුන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ.

කළ වැරදි සම්බන්ධයෙන් සමාවා දීමෙන් පසු මහනාහිමියන් ප්‍රමඛ කාරක සංඝ සභාව ලබාදුන් උපදෙස් හා නියමයන්  අනුව කටයුතු කරන බවට සිරි සමන්තභද්‍ර හිමියන් පිළිගත් බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් දෙවන වරටත් සමාව ලබා දී ඇති බැවින් නැවත වරක් එවැනි වරදක් කළහොත් යළි සමාව දීමක් නොකරන බවයි සංඝ සභාව සිරි සමන්තභද්‍ර හිමියන්ට දැනුම් දී ඇත්තේ.

මුලාශ්‍ර: දිනමිණ

https://www.dinamina.lk/2023/11/02/%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/35543/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b6%9a%e0%b6%ba%e0%b6%ad/

READ:   සරසවි යළි විවෘත කරන්නැයි ගලහ මංසන්ධියේ විරෝධතාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්