Friday, September 11, 2026
Homeදේශීයමි.මී. 100 ට වැඩි වැසි ඇති කරමින් කාලගුණය වෙනස් වෙයි

මි.මී. 100 ට වැඩි වැසි ඇති කරමින් කාලගුණය වෙනස් වෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනයවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවෙයි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව සඳහන්.

නැගෙනහිර පළාතේ, යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේකෂා කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   මාධ්‍ය නිදහස ජනපතිගේ ලයිසමක් නෙවෙයි ; ජවිපෙ නායකයා රතු එළි දල්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්