Monday, April 20, 2026
Homeදේශීය"සෞභාග්‍යයේ දැක්ම" රටටම පෙන්වූ පොහොට්ටුව පිපී අදට වසර 7යි

“සෞභාග්‍යයේ දැක්ම” රටටම පෙන්වූ පොහොට්ටුව පිපී අදට වසර 7යි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිවි පක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

2026 නොවැම්බර් 03 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අයගේ මුලිකත්වයෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබෙනවා.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයින් විශාල පිරිසකට ආරාධනා කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

READ:   උතුරු දුම්රිය මාර්ගය අද යළි විවෘත වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්