fille
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ඒ ප්‍රබල පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 282ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Babar Azam ලකුණු 74ක් සහ Abdullah Shafique ලකුණු 58 ක් , Iftikhar Ahmed ලකුණු 40 වශයෙන් රැස් කළා.
පන්දු යැවීමේදී Noor Ahmad කඩුලු 03ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා 283 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කඩුලු 02 ක් පමණක් දැවී තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියා.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 87ක් පන්දු 113කින් වාර්තා කළා.
Rahmat Shah නොදැවී ලකුණු 77ක් වාර්තා කළේ පන්දු 84ක් පමණක් වැය කරමින්.
Rahmanullah Gurbaz ලකුණු 65 (53) යි.
ඇෆ්ගනිස්ථානය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය පරදවා වාර්තා කළ පළමු ජයග්‍රහණය ද මෙය වෙනවා.
මෙම ජයග්‍රාහණය සමග ඇෆ්ගනිස්ථාන ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…