file
උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවීමේ අවධානමක් පවතින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් කරනවා.
ලෙබනනය හා සිරියාවට ආසන්නව ඇති නහරියා,අකෝ, හයිෆා, තිබෙරියා, නසරින් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බව තානාපති කාර්යාලය පවසනවා.
ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ලබා දී ඇති ආරක්ෂක උපදෙස් නිසි ලෙස අනුගමනය කරන ලෙසයි තනාපති කාර්යාලය දැනුම්දෙන්නේ.
ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලෙසද තනාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම්දෙනවා.
කෙසේ වෙතත් අවදානම් සහත ප්‍රදේශවලට ඊශ්‍රායල ආරක්ෂක අංශ යොදවා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කර අවශ්‍ය පියවර ගෙන ඇති බව තනාපති කාර්යාලය වැඩිදුරටත් පවසනවා.
මේ අතර උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1ක් වන ජනතාවට ඉදිරි පැය 24 තුළ දකුණු ප්‍රදේශය දක්වා සංක්‍රමණය වන ලෙස ඊශ්‍රායලය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…