Saturday, July 25, 2026
Homeදේශීයඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවීමේ අවධානමක් පවතින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් කරනවා.

ලෙබනනය හා සිරියාවට ආසන්නව ඇති නහරියා,අකෝ, හයිෆා, තිබෙරියා, නසරින් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බව තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ලබා දී ඇති ආරක්ෂක උපදෙස් නිසි ලෙස අනුගමනය කරන ලෙසයි තනාපති කාර්යාලය දැනුම්දෙන්නේ.

ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලෙසද තනාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම්දෙනවා.

කෙසේ වෙතත් අවදානම් සහත ප්‍රදේශවලට ඊශ්‍රායල ආරක්ෂක අංශ යොදවා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කර අවශ්‍ය පියවර ගෙන ඇති බව තනාපති කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

මේ අතර උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1ක් වන ජනතාවට ඉදිරි පැය 24 තුළ දකුණු ප්‍රදේශය දක්වා සංක්‍රමණය වන ලෙස ඊශ්‍රායලය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්