Wednesday, April 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට දැවන්ත ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවට දැවන්ත ප්‍රහාරයක්

ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමගින් මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 428ක් රැස් කළා.

දකුණු අප්‍රිකාව රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවන් අතරට පිවිසීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් 3 දෙදෙනෙකු ම ශතක වාර්තා කිරීම කැපී පෙනුනා.

De Cock පන්දු 84 කින් ලකුණු 100 ක් වාර්තා කළා. ඊට 6 පහර 3 ක් සහ 4 පහරවල් 12ක් ඇතුළත් වුණා.

Van Der Dussen පන්දු 110කින් ලකුණු 108ක් රැස් කළා.

ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ Aidan Markram ලකුණු 106ක් රැස් කළේ පන්දු 54ක් පමණක් වැය කරමින්.

ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.

එය ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

පන්දු යැමේදී දිල්ශාන් මධුසංක කඩුලු 02ක් දවාගත්තා.

කසුන් රජිත, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

READ:   ටුවිටර් වෙනස් වෙයි: X පැමිණෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්