Wednesday, July 29, 2026
Homeක්‍රීඩාඕස්ට්‍රේලියාවේ ජය උදුරාගත් කෝලි සහ රාහුල්.

ඕස්ට්‍රේලියාවේ ජය උදුරාගත් කෝලි සහ රාහුල්.

ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ (08) පැවති තරගය කඩුලු 06කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ලකුණු රැස් කළේ ලකුණු 199ක් පමණයි.

එහිදී ස්ටීව් ස්මිත් ලකුණු 46ක් රැස් කළා.

ලකුණු 200ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41.2 තුළ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

පළමු පන්දුවාර 6 තුළ ලකුණු 19කට ඉන්දීය මුල් පෙළ කඩුලු 03ක් බිඳ දැමීමට ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වුණා.

ඉන්පසු පිටියේ එක්වූ විරාත් කෝලි සහ රාහුල් ඉන්දීය ඉනිමේ තීරණාත්මක සම්බන්ධතාවය ගොඩනැගුවා.

Virat Kohli ලකුණු 85 (116) යි. KL Rahul නොදැවී ලකුණු 97(115) යි.

පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු 03ක් බිඳ දැමුවා.

file
READ:   ශ්‍රී ලංකාවෙන් 295ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්