Saturday, July 11, 2026
Homeදේශීයඅයි.එම්.එෆ් අරමුදලේ වාර්ෂික සමුළුව අද 

අයි.එම්.එෆ් අරමුදලේ වාර්ෂික සමුළුව අද 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වෙනවා.

මෙම සමුළුව සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නියෝජිතයන් රැසක් එක්වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සමුළුවට සහභාගීවීමට නියමිතයි.

අයි.එම්.එෆ් වාර්ෂික සමුළුව ලබන 15 වනදා දක්වා පැවැත්වෙනවා.

READ:   ස්ථාවර ප්‍රතිසංස්කරණවලට ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැටලුවක් නෙවෙයි - අලි සබ්රි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්