ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණු 102 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 428ක් රැස් කළා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් De Cock , Ven Der Dussen සහ Aiden Markram ශතක රැස් කිරීම කැපී පෙනෙනා.
ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් ශතක තුනක් රැස් කළ පළමු අවස්ථාව මෙය වූ අතර දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 428 ලෝක කුසලානයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද බවට පත්වුණා.
මේ අතර Aiden Markram ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකයට හිමි වාර්තාව තමා සතු කරගත්තා.
429ක දැවැන්ත ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 326ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 42ක් තුළ ලකුණු 76ක් රැස් කළා.
චරිත් අසලංක ලකුණු 79 (65) යි.
නායක දසුන් ශානක පන්දු 62ක් තුළ ලකුණු 68 රැස් කළා.
පන්දු යැවීමේදී Gerald Coetzee කඩුලු 3ක් බිඳ දැමුවා.
Marco Jensen , K. Rabada සහ K. Maharaj කඩුලු 02 බැගින් දවා ගත්තා.


