Wednesday, April 15, 2026
Homeක්‍රීඩාඉන්දියාව පාකිස්තානයේ තරග බෑ කිවුවට කුසලානය වෙනුවෙන් ඉන්දියාවට බැස්ස පාකිස්තානය (වීඩියෝ)

ඉන්දියාව පාකිස්තානයේ තරග බෑ කිවුවට කුසලානය වෙනුවෙන් ඉන්දියාවට බැස්ස පාකිස්තානය (වීඩියෝ)

දින කිහිපයකින් ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පැමිණියා.

එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර එරට ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

file

දේශසීමා ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් හොඳ හිත රහිත රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ පාකිස්තානය හඳුන්වනවා.

නිමාවූ ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර තිබුණද ඊට සහභාගීවීමට ඉන්දියාව අකමැති වීම නිසා එහි තරග ශ්‍රී ලංකාවේ ද පැවැත්වීමට ක්‍රිකට් බලධාරින්ට සිදුවුණා.

ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වෙන බැවින් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති නම් පාකිස්තාන ක්‍රීඩකයින් ද ඉන්දියාවේ තරග සඳහා එක් නොවෙන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරින් එහිදී පවසා තිබුණා.

කෙසේ වෙතත් ඉන්දියාව එකඟ නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සම සත්කාරත්වයෙන් ආසියානු කුසලානයේ තරග පැවැත්වුණා.

file
file
file
file
file
file
READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේදී DRS ඉවතට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්