Wednesday, April 15, 2026
Homeදේශීයඅධිකරණයේ තීරණයෙන් පස්සේ ධනුෂ්ක මුල්වරට මාධ්‍යට කියූ දේ..

අධිකරණයේ තීරණයෙන් පස්සේ ධනුෂ්ක මුල්වරට මාධ්‍යට කියූ දේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත සිය අදහස් පළ කර සිටියා.

ඒ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ධනුෂ්ක නිවැරදි කරු බවට තීරණය කිරීමෙන් පසුවයි.

එහිදී මුල්වරට මාධ්‍යට අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක..

“මට තවත් කිවයුතු වැඩි දෙයක් නැහැ. විනිසුරුවරිගේ තීන්දුවෙන් සියලුදේ කියවුණා කියා මා හිතනවා. මගේ මේ දුෂ්කර කාලයේදි මට සහයෝග දැක්වු සියලුදෙනාට මේ අවස්ථාවේ ස්තූති කරන්න කැමතියි. පසුගිය මාස 11 ක පමණ කාලය මට අතිශයින්ම දුෂ්කර කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥයින්ට ඇත්තෙන්ම නීතිඥ මුරුගන් තංගරාජ් අද මෙහි පැමිණ නැතත් ඔහු සහ අනෙකුත් නීතිඥයින්ට බොහොම ස්තූතියි. මගේ කළමනාකරු, එලීන් සහ මගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකාවේ තවත් කිහිපදෙනෙක් , ඔවුන් සියල්ලන් මාව විශ්වාස කළා. එය මට ලොකු ධෛර්යක් වුණා. ඉතිං අවසානයේ විනිසුරුවරිය නිවැරදි තීරණයකට පැමිණියා. මා කිව් පරිදි ඒ තීන්දුවෙන් සියල්ල කියවෙනවා.මගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම ඇත්තෙන්ම සතුටුයි. මට නැවතත් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ.”

READ:   BREAKING NEWS: බිලියන 2.4ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඇමතිට අපහාස නඩුවක් ගොනු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්