
මිනිත්තු කිහිපයක්’ ඇතුළත_’සියල්ල අහිමි’වූ_’මිනිසෙකුගේ කතාන්දරය’
මේ වනවිටකුනාටු ලොකයෙම ‘බලවත්ම රට’ පාලනය කිරීම ‘අබියසටම’ පැමිණ සිටිනා ‘ජෝ බයිඩන්'(Joe Biden), කෘතහස්ත සහ පරිණත #දේශපාලකයෙකු ලෙස බොහෝ අය දකිති..එහෙත් ඔහුගේ ජීවිතයේ මුල් අවධිය, කුණාටු ගහන සමයකි..ඒ බව බොහෝ අය නොදන්නා තරම් ය..අප අද දකින මේ මිනිසා තැනුණේ, ජීවිතයේ පහළම තැනින්, තවත් පහලළට ඇද වැටීමෙන් පසුව ය..
*මෙය ‘අදේශපාලනික’ කතාවකි..’ජීවිතය’ පිළිබඳව ‘සිංහාවලෝකනයකි’..
#නීතීඥයෙකු ලෙස ජීවිතය ඇරඹූ තරුණ ‘ජෝ බයිඩන්’ ඉක්මනින්ම දේශපාලනයට පිවිසියේය..1972වසරේදී ඔහු ඇමෙරිකාවේ ‘ඩිමොක්‍රටික් පක්ෂය’ නියෝජනය කරමින් ඉතිහාසයේ ‘5වැනියට’ ළාබාලතම [සෙනෙට් සභිකයා] බවට පත්විය..ඒ ‘ඩෙලවෙයා'(Delaware) ජනපදය නියෝජනය කරමිනි..
◘එහෙත්, ඒ උත්සවකාරී බව, අඩුම ගණනේ මාසයක්වත් රැඳුණේ නැත.. ඔහුගේ බිරිද ‘නෙයිලියා බයිඩන්'(Neilia Hunter-Biden) සහ එකම දියණිය, පුතුන් දෙදෙනා, ඒ වසරේ ‘නත්තල් සාප්පු සවාරිය’ සඳහා ගොස් සිටියදී, ‘ට්‍රැක්ටර් ට්‍රේලර් රථයක්’ ඔවුන් වෙත කඩාගෙන පැමිණියේය..’නෙයිලියා’ සහ[අවුරුද්දයි මාසයක් වයසැති] සිඟිති දියණිය ‘නයෝමි ක්‍රිස්ටිනා බයිඩන්’ එතැනම මරු වැළඳගෙන තිබුණේ, බිහිසුණු රිය අනතුරක පසු සටහන තබමිනි.. ‘විනාඩි කිහිපයක්’ ඇතුළත ‘ජෝ බයිඩන්’, සියල්ල හිමිව සිටි මිනිසෙකුගේ සිට, සියල්ල අහිමිව සිටින මිනිසෙකු දක්වා ඇද වැටී සිටියේ ය..අනතුරෙන් බරතළ ලෙස තුවාළ ලැබූ ‘සිඟිති පුතුන් දෙදෙනා’ සමඟ ජීවත්වන, තනි පියෙකු බවට ඔහු පත්ව සිටියේය..ඔහු ‘දෙ-පුතුන්’ දෑතින් වඩාගෙන,[ජීවිතයට මුහුණ දීමට] අදිටන් කර ගත්තේය..කඩා වැටීම උපරිම වූ තැන, වරක් ‘දිවි නසා ගැනීමට’ද ඔහුට සිතී ඇත..
”ජීවිතයේ පළමු වතාවට මම තේරුම්ගත්තා, මිනිසුන් ඉතාම හොඳින් සිතා-බලා සිය-දිවි නසාගන්නා බව..” යැයි පසුව ඔහු පැවැසුවේය..සිය ‘දෙ-පුතුන්’, මව-පියා දෙදෙනාම ‘අහිමි’, අනාථයන් වීම ඉවසිය නොහැකි නිසාම පමණක්, ඔහු තවදුරටත් ‘ජීවත් වන්නට’ තීරණය කළේය..
————————————————————————–
◘ඔහු දිනපතාම ‘පැය 4ක’ දුම්රිය ගමනකින් නිවසට යන ගමන්, පුතුන් නිදි කරවිය හැකි ‘ළමා කතන්දර’ කියවා ‘පාඩම්’ කර ගත්තේ, ගෙදර ගොස් ‘දරුවන්’ නැළවීමට ය..සෑම උදෑසනකම අවදි වී, රැකියාවට යාමට පෙර, ඔහු දරුවන්ට ‘උදෑසන’ ආහාර පිසුවේය..
”හිතන්න, අපිට තියෙන කිසි දෙයක් නැති, දහස් ගණන් දෙනා ‘විඳවන’ විදිහ.. ඔවුන් එහෙම තිබියදීත් දවස ගාණේ ‘එක පියවරක්’ හරි තබමින් ඇවිදින්නට උත්සාහ කරනවා..ඒක තමයි ඇමෙරිකානු ජනතාවගේ ආත්මය..” යැයි ඔහු පසුව, මෙම අත්දැකීම සිහි කරමින්, ‘ජන හමුවකදී’ පැවැසීය..
පස් වසරකට පසු’ වර්ෂ 1977දී ඔහු නැවත විවාපත් විය ඇය නීතියෙන් වෙන්ව ‘පුතුන් දෙදෙනෙකු’ සිටි ගැහැණියක වූ ‘ජිල් ට්‍රේසි ජේකොබ්’ය..’ජෝ බයිඩන්’ තවත් දියණියකගේ පියෙකු බවට වර්ෂ 1981දී පත්විය..
◘අධ්‍යාපනඥවරියක් ද වූ ඒ සුන්දර ගැහැණිය, පසු කලෙක ‘ජෝ බයිඩන්’ගේ ‘ජීවිත කතාව’ කුඩා දරුවන්ට වටහාගත හැකි ආකාරයේ ‘ළමා කතා පොතක්’ බවට ද පත් කළාය..
◘’ඔබාමා පරිපාලනයේ'[උප ජනපතිවරයා] වශයෛන් සිටියදී, ‘මව’ නොමැතිව ඔහු ‘හැදූ-වැඩු’ වැඩිමහල් පුතු, එවකට ’46හැවිරිදි’ වූ ‘බියු බයිඩන්'(Beau Biden) ‘මොළයේ පිළිකාවක්’ හේතුවෙන් මෙළොව හැර ගියේය..බීයු, පියාගේ ‘පිය සටහන්’ අනුව යමින් සිටි, නීතීඥයෙකු, දේශපාලඥයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු ද විය..
”හැම උදෑසනකම ‘ජිල්’ සහ මම, මේක ‘විහිළුවක්’ නොවන බව අපිටම කියාගන්නවා..මම මගෙන් මෙහෙම අහගන්නවා..ඔහු හිටියේ මා ගැන ආඩම්බරයෙන්ද. ජෝ බයිඩන්’ සිය පුතුගේ ‘අකල් මරණය’ පිළිබඳව හැඟීම්බරව අදහස් එකතු කළේ එසේ ය..
ජෝ බයිඩන්’ මේ සා ‘අසීරු’ දේවල්, ජීවිතයේ දරාගත්තේ කෙසේද? ඔහු පවසන්නේ, එක් ‘කියමනක්’ එයට හේතු වූ බවයි..ඒ, ‘Faith sees best in the dark..’ හෙවත් ‘විශ්වාසය අන්ධකාරයේදී හොඳම දේ දකියි..’ යන්නයි..
◘පුතු ‘බීයු’ගේ අහිමි වීම, ඔහුට ජීවිතයේ ‘නව අරමුණක්’ ඇති කළේය..ඔහුට එදත් උවමනා වූයේ සිය පුතු, තමන් ගැන ආඩම්බර වනවා දැකීමට ය. අදත් උවමනා වන්නේ ද එයම ය.
”ආරම්භයත්, මධ්‍යමයත්, අවසානයත් පවුලයි..” ඔහු දැඩි විශ්වාසයෙන් යුතුව කියන්නේ එනිසා ය..
‘බරාක් ඔබාමා'(Barack Obama)කියූ ලෙස, ”ජෝ බයිඩන් ගැන දැන ගැනීම යනු, රැවටිල්ලෙන් තොරව ‘ආදරය කිරීම’ ගැන, ආත්මාර්ථයෙන් තොරව සේවය කිරීම ගැන සහ, පිරුණු ජීවිතයක් ගත කරන්නේ කෙසේද ? යන්න පිළිබඳව දැන ගැනීමයි..”
_____________________
Lankanews


