Saturday, April 25, 2026
HomeදේශීයSTF නිලධාරීන් 255ක් නිරෝධායනයට

STF නිලධාරීන් 255ක් නිරෝධායනයට

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 256 දෙනකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ඊයේ (04දා) ‘දිනමිණ’ පුවත් පතට පවසා තිබෙනවා. දිනමිණ ඒ බව අද වාර්තා කර තිබෙනවා.

මහර බන්ධනාගාර ගැටුම මැඬපැවැත්වීමට සහභාගී වූ නිලධාරීන් සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩ්-19 සම්බන්ධ අවධානම් රාජකාරි හී නියුතුව සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස නිරෝධායනය කඳවුරු වෙත යොමුකර ඇති බවද එම කාර්යාලය කීය. පවතින කොවිඩ් අවධානම හමුවේ විශේෂ කාර්යය බළකායේ අවධානම් රාජකාරි කළ නිලධාරීන් නිසි නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර සැලසුමකින් තොරව රාජකාරි සඳහා අනුයුක්ත කරන බවට පසුගිය දින කිහිපයේම ‘දිනමිණ’ දිගින් දිගටම තොරතුරු වාර්තා කළේය.

ඊට විසඳුමක් සපයමින් මෙලෙස නිලධාරීන් නිරෝධායනයට යොමුකර තිබුණ ද කොළඹ හා තදාසන්න ප්‍රදේශ හී රාජකාරි අවශ්‍යතාව සඳහා වෙනත් කඳවුරුවලින් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බවත් විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරි කටයුතු ගැටලුවකින් තොරව සිදුවන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

මුලාශ්‍ර දිනමිණ

READ:   රා වලට බද්දක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්