Wednesday, July 22, 2026
Homeදේශීයචැනල් ෆෝ නාලිකාවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි විරෝධතාවක්

චැනල් ෆෝ නාලිකාවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි විරෝධතාවක්

චැනල් ෆෝ නාලිකාවට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජාතිය ගොඩනැගීම සහ සන්හිදියාව උදෙසා වූ ව්‍යාපාරය ඊයේ (07) දහවල් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත සන්දේශයක් භාර දුන්නා.

අනතුරුව ඔවුන් විරෝධතා පුවරු රැගෙන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක ද නිරත වුණා.

මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් අගුලුගල්ලෙ ජිනානන්ද හිමි පවසා සිටියේ මෙම විරෝධතාව බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව කරන එකක් නොව චැනල් ෆෝ නාලිකාව ඉලක්ක කර ගෙන සිදුකරන විරෝධතාවක් බවයි.

දේශපාලන වශයෙන් මොන චෝදනා ආවත් ඊට රජය වගකිව යුතු බවත් මෙරට බුද්ධි අංශය ඉලක්ක කර ඩයස්පෝරාවේ මුදල් මත යැපෙන නියෝජිතයන් මෙවැනි චෝදනා එල්ල කිරීම ප්‍රධාන ගැටලුව බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

රජ්‍ය සත්‍ය හෙළි නොකිරීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව,

READ:   පළාත් පාලන කටයුතු වලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්