Wednesday, April 15, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරනවා.

ඒ අනුව,

පනාදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එම තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව සඳහන්.

තලහගගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා වර්ධනය වී තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ , අකුරැස්ස, අතුරුලිය , මාලිම්බඩ තිහගොඩ , මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

මේ අතර අධික වර්ෂාව සමග අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතිනවා.

ගිං ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින අතර බද්දේගම සහ තවලම ප්‍රදේශවලින් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා වර්ධනය වී තිබෙනවා.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව නිවේදනයේ සඳහන්.

READ:   අයි.එම්.එෆ් ශ්‍රි ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්