දේශීය

“පොඩි කොල්ලගෙ නම විචාරකයො අමාරවෙන් කියන දවස වැඩි ඇතක නෑ.” – වෙල්ලාලගේ ගැන එදා කතාව

ඒක පට්ටම ටැලන්ට් එකක්!

නම : දුනිත් වෙල්ලාලගේ

වයස : අවුරුදු 15යි

පන්දු යැවීම : වමත් පිට දඟ පන්දු

පිතිකරණය : වමත් මැදපෙළ පිතිකරු

පාසල : සාන්ත ජෝසප් විද්‍යාලය

තාම නම් මේ නම ගොඩක් අය දන්නැතුව ඇති

ඒත් ඉස්සරහට අනිවාර්යයෙන්ම දැන ගනියි!

file

• දුනිත් මුලින්ම ගහන්නෙ සෙබස්තියන් වලට. ඒකෙදි U13, U15 දිගටම හොඳම පන්දු යවන්නා වෙනවා. ඒ තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයො රොත්තක් එක්ක තරග කරමින්.

• එතන ඉඳලා මේ වෙනකන් ගහන්නෙ ජෝසප් එකට. මාස ගානක් තිස්සෙ මැච් තොගයක් ගහලා අද අවසන් වුනු U19 Division 1 Tournament එකේ ශූරතාවය ජෝසප් විද්‍යාලයට දිනා දෙන්නත් මුල් වෙන්නෙ දුනිත්. ඒ ලකුණු 45ට කඩුලු 5ක් එක්ක ලකුණු 88ක් රැස් කරමින්

• මේ Tournament එකේම සෙමියෙදි දුනිත් සෙබස්තියන් බැටාලා අන්ත අසරණ කරන්නෙ ලකුණු 22ට කඩුලු 7ක් දවා ගනිමින්. ඒ මැච් එකේම මේ පොඩි කොල්ලා ලකුණු 62ක් ගහනවා

• ගිය අවුරුද්දට විතරක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට විකට් 84ක් එක්ක ලකුණු 675ක් ගහන්නත් දුනිත්ට හැකියාව ලැබෙනවා

• පහුගිය අවුරුද්දෙ තිබුන 4 Nation U15 Tournament එකේ ශූරතාවය ලංකාවට ගේන්නත් මුල්වුනු දුනිත් ඒකෙදි කඩුලු 19ක් බිඳ හෙලනවා

මේ වගේ වයසට නොගැලපෙන වැඩ කරන හින්දම දුනිත්ව මේ වෙද්දී U19 National Team එකටත් තෝරගෙන ඉවරයි. අවුරුදු 15 දී Youth National ගහන්න කොහොම ටැලන්ට් එකක් තියෙන්න ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..

ඒ නිසා සරලවම කියන්න තියෙන්නෙ මෙච්චරයි,

හරියට Manage කරලා හදලා ගත්තොත් විදෙස් විස්තර විචාරකයො මේ පොඩි කොල්ලගෙ නම අමාරුවෙන් කියන කාලෙ වැඩි ඈතක නෙමෙයි!

:Eranga Darshana Wijethunga (12 April, 2019)

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 day ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 day ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

3 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

3 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

3 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

5 days ago