මහින්දෝදය විද්‍යාගාරය තම පුද්ගලික මුදල්වලින් හදලා 2012දී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තැගී දුන් බව ධම්මික පෙරේරා මහතා පවසනවා.
ඒ පාසල් ළමුන්ට උගන්නන්න තමන්ට තිබ්බ වුවමනාව නිසා බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඩී.පී. එඩියුකේෂන් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
එදා තමන් හැදූ මහින්දෝදය විද්‍යාගාරය වෙනුවෙන් නම ගහ ගැනිමේ අවශ්‍යතාවක් තමන්ට කිසිසේත් නොතිබුණ බව ඒ මහතා පවසනවා.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හරහා එවැනි තැන් 1000 ක් හදාගැනීමට තමන්ට අවශ්‍යය වූ බවත් පසුව එය සාර්ථක වූ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
මහින්දෝදය විද්‍යාගාරයේ සැලැස්ම සහ එයට පරිගණක එකතු කිරීමේ සංකල්පය ද තමන්ගේ එකක් බව බවත් ඔහු ප්‍රකාශ කළා.
ඉගෙනගන්නේ නැතිව සල්ලි හොයන්න හිතන එක මිත්‍යාවක්
අධ්‍යාපනය යනු මිල අධිකම දෙයක් බවත් ලෝකේ කොතැනකවත් එය නිකන් ලබා දෙන දෙයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
දුප්පත් පොහොසත් දෙවර්ගය ඇති වන්නේ අධ්‍යාපනය තුළින් බව පවසන පෙරේරා මහතා දුප්පත් කම නැති කළ හැකි එකම එන්නත ද අධ්‍යාපනය බව පෙන්වා දෙනවා.
තමන්ගේ දියුණුවේ රහස නිරන්තර අධ්‍යයනයේ යෙදීම බව පෙරේරා මහතා පවසනවා.
සල්ලි කොච්චර තිබ්බත් දරුවෙකු ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නැති බව ඒ මහතා ප්‍රකාශ කළා.
සියල්ල රජයෙන් බලාපොරොත්තු නොවී ඒ සඳහා දෙමාපියන් වෙනස් ආකාරයකට සිතා උනන්දු විය යුතු බව මහතා සඳහන් කළා.
තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,


