file
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) පස්වරුවේ වන විට නිකුත් වුණා.
නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි විහඟනා නුවන්ති මෙවර උසස් පෙළ විභාගයට ඉංග්‍රීසී මාධ්‍යයෙන් පෙනී සිටි සිසුවියක්.
ඇය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරෙණු අතර විහඟනාගේ මොළය ආශිතව ගෙඩියක් හට ගෙන ඇති බව එහිදී හෙළිව තිබුණා.
වෛද්‍යවරුන් ඇගේ දෙමාපියන් ට පවසා ඇත්තේ විහඟනාගේ මොළය මියයමින් පවතින බවයි.
මේ හේතුවෙන් විහඟනාගේ හදවත,පෙනහළු දෙක, වකුගඩු දෙක, අක්මාව සහ දැස් ද පරිත්‍යාග කිරීමට ඇගේ දෙමාපියන් කටයුතු කර තිබුණා.
ඒ අනුව විහඟනාට තම අවයවවලින් තවත් වටිනා මිනිස් ජීවිත හතක් ජීවත් කිරීමට හැකියාව ලැබුණා.
විහඟනාගේ උසස් පෙළ ප්‍රතිඵල සටහන ඊයේ නිකුත් වී තිබුණා.
ප්‍රතිථල සටහනට අනුව විහඟනා මෙවර වානිජ අංශයෙන් උසස් පෙළ විභාගය A සාමාර්ථ තුනක් සහිතව ඉහළින් සමත් වී තිබෙනවා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…