file
නියගයට හසුව ඇති ප්‍රදේශවල ඉතිරිව ඇති කුඩා ජල පහරවලට වස මුසු කර වන සතුන් දඩයම් කරන ජාවාරම් සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් නොදන්නා ප්‍රදේශවලට ගොස් දඩමස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස එහි සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විල්පත්තුව , යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව මෙම ජාවාරම සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුර මඩකලපුව, පොලොන්නරුව වැනි ප්‍රදේශවල යන සංචාරකයින්ට එලෙස ඝාතනය කළ සතුන්ගේ මස් දඩමස් ලෙස අලෙවි කරන බවට අනාවරණය වී තිබෙනවා.
මෙම මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇතිවිය හැකි බවත් යම් හෙයකින් එම මස්වල විෂ රැදිලා තිබුණහොත් ශාරීරික ආබාධ සහ දීර්ඝ කාලීන ආබාධ ඇතිවිය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…