Wednesday, July 22, 2026
Homeදේශීයදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ගැන දැඩි තීරණ ගැනීමට ඇති හැකියාව අලුත්ගමගේ අවධාරණය කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ගැන දැඩි තීරණ ගැනීමට ඇති හැකියාව අලුත්ගමගේ අවධාරණය කරයි.

රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවත්, ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශීය ආදායම් පනතෙන් හැකියාව ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මෙරට රාජ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවත්, එබැවින් රටේ බදු ප්‍රතිපත්තිය ද කඩිනමින් වෙනස් කළ යුතු බවත් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

READ:   14 හැවිරිදි පාසල් සිසුවෙක් බූස්ස වෙරළ තීරයේ ගිලී අතුරුදහන් වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්