දේශීය

පෙම්වතිය පුදුම කරන්න සැප රියක් ඉස්සූ පෙම්වතා කොටුවෙයි..

පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට හංවැල්ලෙන් ලක්ෂ 68ක් වටිනා කාර් රථයක් සොරාගත් පුද්ගලයෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හංවැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 68ක් පමණ වටිනා කාර් රථයක් සහ රථය තුළ තිබූ රුපියල් 11,000ක පමණ වටිනා ජංගම දුරකථනයක් ඔහු විසින් සොරකම් කර තිබේ.

සැකකරු ඊයේ (09) පැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු විසින් අදාල කාර් රථයෙන් ධාවන පරීක්ෂාවක් සදහා එහි හිමිකරු සමග ගොස් ඇත. එහිදී කාර් රථයේ යම් ශබ්දයක් ඇසෙන බව පවසා හිමිකරු කාර් රථයෙන් බස්වා එම ශබ්දය ඇසෙන ස්ථානය පරීක්ෂා කිරීමට දැනුම්දී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු එම රථයද රැගෙන පලාගොස් ඇත.

මෙම රථය පැහැර ගැනීම සිදු කර ඇත්තේ සැකකරුගේ පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට බව පොලිසිය සිදු කල මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන පහළ බෝමෙරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හංවැල්ල සහ බුත්තල පොලිස් ස්ථානයන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

1 day ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

1 day ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

1 day ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago