දේශීය

පෙම්වතිය පුදුම කරන්න සැප රියක් ඉස්සූ පෙම්වතා කොටුවෙයි..

පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට හංවැල්ලෙන් ලක්ෂ 68ක් වටිනා කාර් රථයක් සොරාගත් පුද්ගලයෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හංවැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 68ක් පමණ වටිනා කාර් රථයක් සහ රථය තුළ තිබූ රුපියල් 11,000ක පමණ වටිනා ජංගම දුරකථනයක් ඔහු විසින් සොරකම් කර තිබේ.

සැකකරු ඊයේ (09) පැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු විසින් අදාල කාර් රථයෙන් ධාවන පරීක්ෂාවක් සදහා එහි හිමිකරු සමග ගොස් ඇත. එහිදී කාර් රථයේ යම් ශබ්දයක් ඇසෙන බව පවසා හිමිකරු කාර් රථයෙන් බස්වා එම ශබ්දය ඇසෙන ස්ථානය පරීක්ෂා කිරීමට දැනුම්දී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු එම රථයද රැගෙන පලාගොස් ඇත.

මෙම රථය පැහැර ගැනීම සිදු කර ඇත්තේ සැකකරුගේ පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට බව පොලිසිය සිදු කල මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන පහළ බෝමෙරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හංවැල්ල සහ බුත්තල පොලිස් ස්ථානයන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago