පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට හංවැල්ලෙන් ලක්ෂ 68ක් වටිනා කාර් රථයක් සොරාගත් පුද්ගලයෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හංවැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 68ක් පමණ වටිනා කාර් රථයක් සහ රථය තුළ තිබූ රුපියල් 11,000ක පමණ වටිනා ජංගම දුරකථනයක් ඔහු විසින් සොරකම් කර තිබේ.
සැකකරු ඊයේ (09) පැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරු විසින් අදාල කාර් රථයෙන් ධාවන පරීක්ෂාවක් සදහා එහි හිමිකරු සමග ගොස් ඇත. එහිදී කාර් රථයේ යම් ශබ්දයක් ඇසෙන බව පවසා හිමිකරු කාර් රථයෙන් බස්වා එම ශබ්දය ඇසෙන ස්ථානය පරීක්ෂා කිරීමට දැනුම්දී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු එම රථයද රැගෙන පලාගොස් ඇත.
මෙම රථය පැහැර ගැනීම සිදු කර ඇත්තේ සැකකරුගේ පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට බව පොලිසිය සිදු කල මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන පහළ බෝමෙරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හංවැල්ල සහ බුත්තල පොලිස් ස්ථානයන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.


