Friday, April 17, 2026
Homeදේශීයකැබිනට් මණ්ඩලේ ඉන්න 30ට කතා කරන්න නිදහස තැන්තම් මිලියන 22කගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන...

කැබිනට් මණ්ඩලේ ඉන්න 30ට කතා කරන්න නිදහස තැන්තම් මිලියන 22කගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන කතාද? – රාසමාණික්කම්

කැබිනට් අමාත්‍යවරයා ද අද කතා කිරීමට නිදහස නැති පුද්ගලයෙකු බවට පත්ව ඇති බව ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට කතා කිරීමේ අයිතිය,භාෂනයේ නිදහස හා මාධ්‍ය නිදහස ගැන කතා කිරීමේ දී එය හාස්‍ය ජනක තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට මිලියන 22 ජනතාවකට සිටින කැබිනට් ඇමතිවරු 30ට කතා කිරීමේ නිදහස නැතිනම් අනෙක් මිනිසුන්ගේ එම නිදහස ගැන කතා කළ නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රතිපත්තිය කෙසේ වුවත් මෙරට සිටින කැබිනට් ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් නිසා අමාත්‍ය ධුරය අහිමිවීම යනු කැබිනට් මණ්ඩලය තුළ කතා කිරීමේ නිදහස නැති බව තහවුරුවීමක් බව රාසමාණික්කම් මහතා පවසනවා.

අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

READ:   තෘණකොළ කෘෂිකර්ම බෝගයක් ලෙස නම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්