Tuesday, July 28, 2026
Homeදේශීයයුධ හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි

යුධ හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

අද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙම රෙජිමේන්තුව පිහිටුවීමේ කටයුතු සිදුකෙරුණා.

යුද්ධයක් අවසන් කළ රටක් වශයෙන් රට තුල ඇතිවන ආපදා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

යුද්ධය පැවති සමයේදී ගුවන් හමුදාව විසින් යුද හමුදාවට භුමියේ නිරීක්ෂණ සඳහා ලබා දුන් ගුවන් නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ස්තුතිය පුදකරන බවද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

READ:   එන්ජිම ගැලවුණු හේතුව මම දන්නේ නෑ - සමුද්‍ර දේවි ගාර්ඩ් කියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්