දේශීය

නව කම්කරු නීතියෙන් වැඩ කරන දින ගණන්වල වෙනසක්

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් නව කම්කරු නීති පනත් කෙටුම්පත් හඳුන්වා දීමට නියමිත බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එම පනත් කෙටුම්පත සඳහා මේ වන විටත් යෝජනාවලියක් සකස් කර ඇති බව ඒ මහතා කම්කරු අමාත්‍යාංශයේ උත්සවයකට එක් වෙමින් පැවසුවා.

ඒ අනුව නව කම්කරු පනත් කෙටුම්පත මගින්,

සේවකයින් සේවයට බඳවා ගැනීමේ දී හා සේවා ස්ථානයේ දී වෙනස් කොට සැලකීම වැළැක්වීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සෑම සේවකයෙකුටම සමාන විධිවිධාන ඇති කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම මෙමගින් රැකියා ස්ථානයේ සියලු ආකාරයේ හිංසනයන් හා ලිංගික හිංසනයන් වැළැක්වීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සේවකයින්ගේ කැමත්ත අනුව දින 5ක සතියක් හා නම්‍යශීලී වැඩකරන වෙලාවක් හඳුන්වා දෙන අතර අමතර රැකියාවල නිරතවීමට නීතිමය ප්‍රතිපාදන ඇති කරන බවත් ඔහු සඳහන් කළා.

කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන්ට රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීති ලිහිල් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ඇති කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කඩිනමින් කම්කරු පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ අතර අදහස් හා චෝදනා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

23 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

24 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago