Friday, July 24, 2026
Homeදේශීය6 හැවිරිදි දරුවෙක් පියාගේ මිතුරන් විසින් අපයෝජනය කරයි

6 හැවිරිදි දරුවෙක් පියාගේ මිතුරන් විසින් අපයෝජනය කරයි

වයස අවුරුදු 6 ක් වූ පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව සැකකරුවන් එළඹෙන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.

අපයෝජනයට ලක් වූ බව කියන පිරිමි දරුවා ගේ පියා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත් මව දරුවා හැරගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

මිත්තනිය යටතේ සිටි දරුවා පියාගේ මිතුරන් දෙදෙනෙකු විසින් මත් කර එම නිවස තුළදීම අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

සැකකරුන් දෙදෙනා දැඩිලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසනවා.

ඔවුන් දෙදෙනා සමාජ රෝග හා මානසික රෝග සායනයකට යොමු කර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   උගත් කම සහ කුසලතා හිමි අපේ දරැවන්ගේ හෙට!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්