Sunday, September 13, 2026
Homeදේශීයනතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයට දේශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය නැමති කාන්තාවකට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අල්ලසට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

එමෙන්ම ඇයට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ හිමිනමක් විසිනි.

බුදුදහමට නින්දා වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතබහට ලක් වූයේ එක්තරා යූ ටියුබ් නාලිකාවක් විසින් කොළඹ බිෂොප් විද්‍යාලයේ පවත්වන ලද ‘මෝඩාභිමානී ‘ නැමති ප්‍රසංගයකින් අනතුරුව යි

එම ප්‍රසංගය තුළ දී ඇය එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණා.

READ:   සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්