Wednesday, July 15, 2026
Homeදේශීයරියදුරු නැතුව බස් රථයක් මගීන් සමග ප්‍රපාතයකට: සිදුවන්නට ගිය ඛේදවාචකය තරුණයෙක් නවත්වයි..

රියදුරු නැතුව බස් රථයක් මගීන් සමග ප්‍රපාතයකට: සිදුවන්නට ගිය ඛේදවාචකය තරුණයෙක් නවත්වයි..

මගීන් රැගත් බස් රථයක් ප්‍රපාතයකින් පෙරලී සිදුවන්නට ගිය හානියක් වැළක්වූ මඟියෙක් ගැන පුවතක් සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු දොර ඇරී ඉවතට විසිවී ඇති අතර එහිදී බස් රථය, රියදුරු නොමැතිව මාර්ගයෙන් ඉවතට පැන වේගයෙන් ගමකර ඇත.

එම අවස්ථාවේ බසයේ සිටි පුද්ගලයෙකු ක්ෂණිකව රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී ම බස් රථය නතර කර ගෙන තිබේ.

ඔහු දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙකු බව සඳහන්.

ඔහුගේ ජීවිතය ගැනද නොසිතා ජීවිත 50 ක් පමණ බේරූ ඔහු සැබැවින්ම වීර චරිතයකි.

file
file
READ:   ඩෙංගු පාලනයට ආයතන හා පරිශ්‍ර පරික්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්