කොළඹ පාරිභෝගික මිල දර්ශනය මගින් මනින උද්ධමනය අප්‍රේල් මාසය තුළ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
මාර්තු මාසයේදී වාර්තා වූ උද්ධමනය 50.03 % සිට අප්‍රේල් මාසයේදී 35.03% ක් දක්වා පහත වැටී ඇති බව
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ලෙස පහළ යෑම හේතුවෙන් මෙලෙස උද්ධමනය පහළ ගොස් ඇති බව මහ බැංකු අවධාරණය කරයි.
මහ බැංකු දත්තවලට අනුව ආහාර කාණ්ඩයෙහි 2023 මාර්තු මාසයේ පැවති 47.6% හි ක් වූ උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ දී 30.6% දක්වා පහළ ගොස් තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2023 මාර්තු මාසයේ පැවති 51.7% හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 37.6% දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.
උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි යන්න මහ බැංකුවේ අපේක්ෂාවයි.
මහ බැංකුව පුරෝකථනය කරන්නේ දැනට පවත්නා ඉහළ උද්ධමනය 2023 වසර අවසානය වනවිට තනි ඉලක්කමක මට්ටම වෙත ළඟා වනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…